බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ශ්‍රී ලංකා කේටරින් මෙහෙයුම් අංශයේ සේවය කරන සේවකයින් 08 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් 12/17 දින ප්‍රකාශ කර සිටී.
ඉකුත් 12/14 දින ශ්‍රී ලන්කන් කේටරින් මෙහෙයුම් අංශයේ එක් සේවකයෙකුට මුලින්ම මෙම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර , ඉන්පසුව ඔහු ඇසුරු කළ තවත් ශ්‍රී ලන්කන් කේටරින් අංශයේ සේවකයින් 07 දෙනෙකුට ද මෙම වෛරසය ආසාදනය වී ඇති බව පසුව සොයාගෙන තිබේ .
එමෙන්ම මෙම සේවක පිරිස සමීපව ඇසුරු කළ තවත් සේවක පිරිසක් ද මේ වනවිට පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කර තිබේ .
මෙම කොරෝනා වෛරසය ශ්‍රී ලන්කන් කේටරින් ආයතනය තුළ තවදුරටත් පැතිර යාම වැලැක්වීමට රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියාත්මක වෙමින් තම ශ්‍රම බළකාය ආරක්ෂා කර ගැනීමට සෞඛ්‍ය හා රජයේ අනෙකුත් ආයතනය සමග ඒකාබද්ධව වෙමින් අඛණ්ඩව කටයුතු කරන බව ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
කටුනායක ටී.කේ.ජී.කපිල