ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ව්‍යාපාරික පංතියේ ගමන් ගන්නා මගීන් වෙනුවෙන් ලබාදෙන කජු නියමිත ප්‍රමිතියෙන් තොර බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා චෝදනා කළේය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවාවේ යානයකින් ලබාගත් කජු දීසියක ඡායාරූපයක් සිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළේය.
ශ්‍රි ලන්කන් ගුවන් සමාගම පසුගියදා ප්‍රකාශ කළේ එම සමාගමට කජු සැපයුම් කළ ඩුබායි සැපයුම්කරුගේ සේවය අත්හිටුවීමට තීරණය කළ බවයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් බලාදුන් කජු ' බල්ලෙකුටවත්' කෑමට නොහැකි බවයි.