කෝවිඩ් 19 ආසාදනය වූ නව රෝගීන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොමැති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කසේ වෙතත් ලෝකයේ ඇතැම් රටවල මෙම වෛරසය පැතිර යාම පිළිබඳව තත්ත්වය තවමත් පහව ගොස් නොමැති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා පහත ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
01 නිතර නිතර සබන් යොදා දෑත් සේදීම.
02 පොදු ස්ථානවල ගැවසීමේදී මුහුණ, කට, නාසය හා ඇස් ස්පර්ශ කිරිමේ වැළකීම,
03 කැස්සකදී හේ කිවිසුමකදී ඉවත දැමිය හැකි ටිෂූ කඩදාසියකින් හෝ වැළමිටෙහි ඇතුළු පැත්තෙන් මුඛය හා නාසය ආවරණය කිරීම,
04 උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනා හෝ හුස්ම ගැනීමේ අපහසු තා ඇත්නම්
-ජනතාව ගැවසෙන ස්ථානවලින් හැකිතාක් ඉවත්ව සිටීම.
-වෛද්‍ය උපදෙස් ලබාගැනීම
-පසුගිය දින 14 තුළ සිදුකළ විදේශ සංචාර ඇත්නම් වෛද්‍යවරයා දැනුවත් කිරිම