ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය ධීවර වරායන්හි ඉදිකිරීම් ලබන වසරේ මුලදී ආරම්භ කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව හා කොරියාව එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියත්මක කිරීමට නියමිත අතර, මේ සඳහා දෙරට අතර එකඟතාව පළකිරීම අද (28දා) සිදුකෙරිණි.
මෙම බහුකාර්ය ධීවර වරායන් උඩප්පුව, ඩෙල්ෆ්,මාදගල් සහ චලෙයි යන ප්‍රදේශවල ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතර, මෙම සෑම වරායක්ම ධීවර, සංචාරක සහ වාණිජ මෙහෙයුම් සඳහා සැලසුම් කර තිබේ.
අදාළ ණය එම වරායන්වලින් උපයන ආදායමෙන්ම පියවීමට සැලසුම් කර ඇති අතර, ඒ අනුව ලංකාවේ ප්‍රථම බහුකාර්ය ධීවර වරාය ලෙස ඩෙල්ෆ් වරායේ ඉදිකිරීම් පරිසර හිතකාමී නගරයක් ලෙස ඩෙල්ෆ් දූපත සංවර්ධනය කිරීමේ සැලසුමට සමගාමීව ක්‍රියාත්මක කිරීමට තීරණය විය.