ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී ජනතාවට අවශ්‍ය සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය රජය තවදුරටත් සහාය දක්වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක රවීෂ් කුමාර් පවසයි.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දීය රජය දැඩි අවධානයකින් පසුවන බවත්, ප්රජාතන්ත්රවාදී සහ ඉන්දියාවේ සමීප අසල්වැසි රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව සිය ප්රජාතන්ත්රවාදී හර පද්ධතීන්ට සහ ව්‍යවස්ථානුකූල ක්‍රියාවලියට ගරුකරමින් කටයුතු කරනු ඇතැයි ඉන්දියාව බලාපොරොත්තු වන බවත් හෙතෙම වැඩිදුරටත් පවසයි.