අද දිනයේදී මේ දක්වා කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 38ක් වාර්තා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 368 දක්වා ඉහළ ගොස් තිබේ.
එක් දිනක් තුළ ශ්‍රි ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මෙය වෙයි. අද දිනයේදී වැලිසර නාවික හමුදා කඳවුරේ 30කුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් මෙසේ සමස්ත රෝගීන් ගණන එක්වරම ඉහළ ගොස් තිබේ.
පවතින තත්ත්වය අනුව වැලිසර නාවික හමුදා කඳවුර හුදෙකලා කර තිබේ.