සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාකරන විට සිය දෙවැනි ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 15ක් රැස්කරගෙන සිටියි.
ඒ අනුව තරගයේ ජයග්රහණය වෙනුවෙන් ශ්රී ලංකාව තවත් ලකුණු 447ක් පසුපසුන් සිටියි. සිය දෙවැනි ඉනිම ක්රිඩා කළ එංගලන්ත කණ්ඩායම ලකුණු 322/6ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීය. එංගලන්තය වෙනුවෙන් කේ.කේ. ජෙනින්ග්ස් ලකුණු 146 ක් නොදැවී රැස්කළේය. ඒ අනුව ශ්රී ලංකාවට ලකුණු 462ක් ඉලක්කයක් හිමිවිය.