ඊයේ (17දා) දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 382 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම ආසාදිතයන් අතර දේශීයව පුද්ගලයින් 374 දෙනෙකු, විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂකයින් 05 දෙනෙකු සහ විදේශීය මුහුදු ආරක්ෂකයින් 03 දෙනෙක සිටින බවද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්රික්කයේන වාර්තා වන අතර එම සංඛ්‍යාව 231 කි. මීට අමරතව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 42 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 20 ක් වාර්තා වෙයි.
අද (17) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 14,154 ක් වේ. ඉන් පුද්ගලයින් 8,381 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර - 3,106
කොළඹ මාළු වෙළඳපලේ පොකුර - 11,048
ඊයේ (16) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 17,668 ක් වන අතර ඉන් පුද්ගලයින් 11,805 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (16) දින වනවිට රෝහල් ගතව සහ රෝගීන් රැකබලාගැනීමේ මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 5,802 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.
අද (17) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් ගතව සහ රෝගීන් රැකබලාගැනීමේ මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 311 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
අද (17) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 03 දෙනෙකු මියගොස් ඇති අතර එම පුද්ගලයින් මොරටුව, කොළඹ 10 සහ කොළඹ 13 ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් වේ. ඒ අනුව, අද (17) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 61 ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද (17) දින උදෑසන වනවිට, කොවිඩ් - 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින්ගේ පළමු සහ දෙවන ආශ්‍රිතයින් 30,000 ක් පමණ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.
අද (17) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 33 ක් තුළ පුද්ගලයින් 3,281 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.
ඊයේ (16) දිනය තුල PCR පරික්ෂණ 10,713 ක් සිදුකර ඇත.