Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 16 වන සඳුදා
2024 දෙසැම්බර් මස 16 වන සඳුදා
ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම මේ වන විට ඩොලර් 13000ක් බවට පරිවර්තනය වී ඇති බව එය කලාපයේ ඉහළම අගය බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කර සිටියේ, නාගරික සංවර්ධන අධිකාරියේ 40 වන සංවත්සරය නිමිත්තෙන් බත්තරමුල්ල සෙත්සිරිපාය පරිපාලන සංකීරණයේ සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.
“සමහරුන් හිතාගෙන ඉන්නේ තවම මේ රට ගමක්, අඩු ආදායම්ලාභීන් වෙසෙන දුප්පත් රටක් කියලා. නමුත් මේ රටේ සමාජ යාතාර්ථය දිහා බැලූවහම මේ රට එවැනි රටක් නෙමෙයි කියලා අපි හැමෝටම පේනවා.
මේ රටේ අද ඒකපුද්ගල ආදායම පිළිබඳව තිබෙන වැදගත්ම නව මිනුම් දණ්ඩ අනුව ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 13,000 ක් වෙනවා. මෙය විශාල අගයක්. එය මේ කලාපයේ විශාලම අගය වනවා වගේම,එය මිලදී ගැනීමේ හැකියාව පැත්තෙන් ලෝකයේ දියුණු රටක් යැයි හිතෙන තරම් විශාල අගයක් වනවා.
ඒ නිසා මේ රට පැරණි දුප්පත් රට නෙමෙයි. මේ රටේ දුප්පත් යැයි කියන්න පුළුවන් අන්ත දුප්පත් පිරිස 6% කටත් වඩා අඩුයි. ඒ නිසා මේ රටේ විරැකියාව අද අනෙක් පැත්ත වන උගතුන් අතර පමණයි විරැකියාව තිබෙන්නේ. අද විරැකියාව 4% දක්වා අඩුවෙලා තිබෙනවා. අපේ ආර්ථික දිශානතිය දෙස බලන විට එය විශාල ජයග්‍රහණයක්.”
popular news
කෝලිත Monday, 01 October 2018 06:23 PM
මිනිස්සු මුරුංග කොල තමිබගෙන කන්නෙ ඩොලර් තමිබන් කන්න බැරිනිසා වෙන්න ඇති......ලංකාවෙ ඉන්නෙ UNP එකට චන්දෙ දෙන හරක් කියලනෙ කියන්නෙ
Reply : 0 6
Champa Monday, 01 October 2018 07:40 PM
:D :D :D :D රටෙන් භාගෙකට තුන් වේල කන්න නැහැ. රටෙන් 4/5ක්ම කාට හරි ණයයි. කොළොඹ විතරක් 40%ක් දරුවන්ට මන්ද පෝෂනේ කියල කිව්වේ මේ ආණ්ඩුවමයි. ගම්වල දරුවෝ මඤඤෝක්කයි පොලුයි රෑට කන තැනට වැටිලා. ටික දෙනෙක් හොඳට කනවා. වැඩි පිරිසකට කන්න නැහැ හරියට. මිනිස්සු හූලන්නවා ජීවත් වෙන්න විදිහක් නැතුව. හොඳට ඇඳ ගත්ත කාන්තාවක් තමයි මේ ලඟදි දවසක කුරුණෑගලදී වගේ මට මතක, හිටපු ජනාධිපතිතුමාගේ කකුල් දෙක ළඟ ඇවිල්ල වැටිලා කෑගව්වේ අනේ ඔබතුමා ආපහු එන්න. අපිට ජීවත් වෙන්න විදහක් නැහැ කියලා. ලේසියෙන් නැති බැරිකම් නොකියන සිංහලයන්ටත් දැන් ආත්ම ගෞරවය පැත්තකට දාල තමන්ගේ අමාරුකම් කියන්න වෙන තරමටම ජීවත් වෙන එක අමාරුයි. සියයට 10ක් දිහා බලල කියන දේ සියට 90 කට වලංගු කරනවා. ඇත්ත වහල සුරංගනා කතා කියනවා.
Reply : 0 4
Upali Wickramasinghe Monday, 01 October 2018 11:09 PM
කෙනෙක් කිව්වා මාසයකට, රුපියල් 2500 ක් ඇති කියලා. තව කෙනෙක් කියනවා අපේ අදායම ඩොලර් 13000ක් කියලා. මේ අයට මාසයකට 1,000,000,000,000 ගානේ එනවා. අපිට හුළං
Reply : 0 0
tharanga Tuesday, 02 October 2018 11:22 AM
13000 * 170 = 2210000 මේ කියන්නේ අවුරුද්දකට නම්, මාසෙකට 2210000/12 = රු 184,166.66
Reply : 0 0
Bandula. Tuesday, 02 October 2018 02:29 PM
මොන මොනවා හරි කියල මිනිසුන්ට සතුටුකරන්න දගලන්නේ ඔබල තරම් දැන් ජනතාව මෝඩ නැතිබව තේරුම් ගන්න වනම් හොදි.
Reply : 0 4
rocky Tuesday, 02 October 2018 06:27 PM
මුන්නහෙට එක්කෝ හීන පෙනිලා . එහෙම නැත් නම් `එක පුද්ගල ආදායම` ඔලුවට වැදිලා මොලේ අබිලික් වෙලා!
Reply : 0 0
Jayashan Friday, 26 July 2019 10:39 PM
ලංකාවෙ ඒක පුද්ගල ආදායම ඩොලර් 3991 විතර 2017 තිබ්බා 3996ක් (ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd