ශ්‍රී ලංකන් ගුවන් සේවය රුසියාවේ මොස්කව් නුවර වෙත යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජූලි මස 30 වනදා සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ මොස්කව්හි ඩොමෙඩෙඩෝවෝ ගුවන් තොටුපළ අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම පැවසුවේ.
පිරිමැසුම් පංතියේ ආසන 269 කින් සහ ව්‍යාපාරික පංතියේ ආසන 28 කින් සමන්විත එයාර්බස් ඒ 330 වර්ගයේ ගුවන් යානයක් සෑම සිකුරාදා දිනකම ශ්‍රී ලංකාවේ සිට රුසියාව බලා පිටත්ව යාමට නියමිත බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩි දුරටත් සදහන් කළේ.