ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වූ බව එම සංඝ සභාව නිවේදනය කර සිටී .
එම නිකායේ දහතුන්වැනි මහනායක හිමිපාණන් වහන්සේ වශයෙන් පත්ව සිටි උන්වහන්සේ අපවත් වන විට 98 වැනි වියේ පසුවිය . සංඝ සෝභන ගුණ පූජිත මහා තෙරනමක් ලෙස සුපතළ මැණික්හින්න හුරීකඩුව විද්‍යා විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති හිමියන් වශයෙන් කටයුතු කළ උන්වහන්සේ විශාල ශිෂ්‍ය භික්ෂු පරපුරක් දායාද කළ තෙර නමක් ද විය .
ඓතිහාසික කන්ද උඩරට මහනුවර පාතදුම්බර උඩගම්පහ කෝරලේ නාපාන ග්‍රාමය කේන්ද්‍රීය කරගනිමින් උඩරට සම්භාවනීය පරම්පරාවකින් පැවත එන ඒකනායක මුදියන්සේලාගේ මහා කුඹුරේ ගෙදර කිරි බණ්ඩාර නිළමේතුමා හා නියංගොඩ හිටි බණ්ඩාර මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ ගේ පුතණුවන් ලෙස 1923 නොවැම්බර් මස 30 වෙනිදා ඒකනායක මුදියාන්සේලාගේ මහා කුඹුරේ ගෙදර ටිකිරි බණ්ඩාර නමින් උන්වහන්සේ උපත ලැබූහ .
වලල මූලික පාසලෙන් අධ්‍යාපන අත්පොත් තැබීමෙන් අනතුරුව ගුන්නෑපාන අමුණුගම මහා විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලද ටිකිරි බණ්ඩාර කුමරු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධූරයෙන් පිදුම්ලත් අපවත් වී වදාළ තෙරිපැහැ සිරි සීලවංස නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් නාපානේ පෙමසිරි නමින් ශිෂ්‍ය වරයකු ලෙස සසුන් ගත වූයේ එක්දහස් 1933 වසරේ දීය .
ෂේන් සෙනෙවිරත්න