2020 මහමැතිවරණයේ නාමයෝජනා භාරදීමඅවසන්දිනය වන හෙට (19) දිනයේ තේරීම් භාර නිලධාරී කාර්යාල වෙත පැමිණීමේදී මැතිවරණ කොමිෂන් සභාව ලබාදී ඇති උපදෙස් දැඩිව පිළිපදින ලෙසට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සිය අපේක්ෂකයින්ට දැනුම් දෙයි.
නාමයෝජනා භාරදීම සහ විරෝධතා දැක්වීමේ අවසන් දිනය වන හෙට දිනයේදී, අපේක්ෂක නාමලේඛනයේ, පළවන සහ දෙවන නම් සඳහන් අපේක්ෂකයින් දෙදෙනා සමඟ තවත් එක් අයෙකු පමණක් තේරීම් භාර කාර්යාලය වෙත පැමිණෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම්දී ඇත.
රට තුළ පවතින කොරෝනා වෛරසය පැතිරීමේ අවධානම මත සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් ද සැලකිල්ලට ගනිමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ විසින් පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේද උපදෙස් පරිදි මෙම විධි විධාන පිළිබඳව පක්ෂයේ සියලූම අපේක්ෂකයින් දැනුවත් කර ඇත.
ස්වාධීන කණ්ඩායම් හෝ වෙනත් පාර්ශව නියෝජනය කරමින් දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල වෙත පැමිණීමට උත්සහ දැරීම,හා අනවශ්‍ය පරිදි පාක්ෂිකයින් එක්රැස් කිරීමට කටයුතු කිරීම ආදිය මගින් ඉහත උපදෙස් නොසලකා කි‍්‍රයාකරන අපේක්ෂකයින් සම්බන්ධයෙන් දැඩිව විනයානුකූලව කටයුතු කිරීමට ද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ තිරණය කර ඇත.