මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක එස්.බි.දිසානායක පැවසිය.
මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක එස්.බි.දිසානායක පැවසිය.
එස්.බි දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ (31) දින ගිනිගත්හේන ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්රචාරක රැස්විමකට සහභාගි විමෙන් අනතුරව මාධ්‍යයට අදහස් දක්වමිණි.
මෙහිදි අදහස් දැක් වු එස්.බි.දිසානායක කියා සිටියේ
අපි මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් කරනවා, ඒ පිලිබදව කිසිදු සැකයක් නැ.
අපි පැරදුණු දිස්ත්‍රික්ක මේ පාර අපි දිනනවා. ඉතිහාසයේ ශක්තිමත්ම රජය හදනවා.
සජිත්ට ටිකක් වැඩියෙන් ආසන හම්බවෙයි , මොකද මන්ත්‍රිවරුන් බෙදුණේ 80% සජිත්ට 20% රනිල්ටනේ.
නමුත් ඔහු දවසින් දවස ඔහුගේ නුගත්කම , නොදැනිම ප්‍රදර්ශනය කරනවා.
වත්මන් ජනාධිපතිතුමා මහ බැංකුව සමග එකතු වෙලා පුළුවන් තරම් ජනතාව අතර ප්රාග්ධනය වැඩි කරන්න උත්සහ කරනවා , එතකොට තමයි සැපයුම වැඩි වෙන්නේ.
සජිත් ප්‍රේමදාස ආර්ථිකය පිලිබදව දන්නේ නැ , එතුමාට ලන්ඩන් උපාධියක් තියෙනවා කියනවා , රවි කියනවා නැ කියලා.
එක්සත් ජාතික පක්ෂය හැර ගිය අය ඉවත් කිරිමට එක්සත් ජාතික පක්ෂය ගත් තිරණය නිසා එක්සත් ජාතික පක්ෂය දැන් ටිකකි ශක්තිමත් වෙයි.
සජිත් පිල ඒ තිරණයෙන් දුර්වල වෙයි.
මනාප ජන්ද ක්‍රමය වෙනුවට ආසන මහ මැතිවරණයක් , ආසන පලාත් සභා මතිවරණයක් , ආසන ප්‍රාදේශිය සභා මැතිවරණයකට අපි යන්න ඕනි. යනුවෙන් පැවසිය.