ශ්රී ලංකා නෙට්බෝල් කණ්ඩායම ජනපති හමුවෙයි

ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් ශ්රී ලංකා නෙට්බෝල් කණ්ඩායම ඊයේ (13දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමුවූ අතර එම ක්රීඩිකාවන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිවරයා ඔවුන් වෙත සිය සුභාශීංසන පිළිගැන්වීය.
තරගාවලියේදී කැපීපෙනන දස්කම් දක්වමින් ශ්රී ලංකාවට අත්කරදුන් කීර්තිය පිළිබඳවද මෙහිදී ක්රීඩිකාවන් වෙත සිය ස්තූතිය පිරිනැමූ ජනාධිපතිවරයා විසින් එම කටයුතු සඳහා රජයෙන් ලබාදිය හැකි සෑමඅනුග්රහයක්ම ලබාදෙන බවද ප්රකාශ කර ඇත.
-
rocky Friday, 14 September 2018 04:45 PM
ඔබ සියලු දෙනා අපේ රටට ලබා දුන් කීර්තිය වෙනුවෙන් මගේ හද පතුලෙන්ම මම ප්රසංසා කරමි. තර්ජනීට මගේ විශේෂ ගවුරවය හිමි වේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
