කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් ශිඝ්රයෙන් පැතිරයාම හේතුවෙන් අද (16) දිනයේ සිට යළි දැනුම් දෙනතුරු ශ්රී ලංකා දූත මණ්ඩල කිහිපයක කන්සියුලර් සේවා සැපයීම සීමා කිරිමට විදෙස් සබඳතා අමාත්යාංශංය තීරණය කර ඇත.
මෙම රටවල් අතරට ඉතාලිය, ඉරානය, දකුණූ කොරියාව, ප්රංශය ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්විඩනය සහ ඔස්ට්රියාව ඇතුළත්ය.
මෙම රටවල අදාළ බලධාරින් විසින් ගනු ලබන සංචාරක තහනම් කිරිමේ සහ ප්රවේශය සීමා කිරිමේ පියවරයන්වල දැඩි සීමාකාරි ක්රියා පටිපාටි සැලකිල්ලට ගනිමින් සහ මෙම රටවලින් ආරම්භ වන සියලු සංචාරයන් සඳහා ශ්රී ලංකා රජය විසින් මෑතක දී පනවා ඇති සංචාරක තහනම ද සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.