www.ada.lk
2026 සැප්තැම්බර් මස 19 වන සෙනසුරාදා
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථී විශිෂ්ටයින් ඇගයෙන ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප - 2018 සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17දා) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණි.
සාහිත්‍ය, කලා සහ සන්නිවේදන යන ක්ෂේත්රවලින් විශිෂ්ටතා දැක්වූවන් මෙහිදී ඇගයීමට ලක් වූ අතර මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානිස්සර නායක හිමිපාණන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි ආදී විද්‍යාර්ථීන් 40 දෙනෙක් ජනාධිපතිවරයා අතින් ගෞරව සම්මාන ලැබීය.
තෙවන වතාවටත් පැවති මෙම සම්මාන උලෙළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ තිබිණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න, එම විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය, ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ, පා.ම බන්දුල ගුණවර්ධන යන මහත්වරු ඇතුළු ආදී විද්‍යාර්ථීන් රසක් මීට එක්ව සිටියහ.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
popular news
කලු පාලම ළගින් නව පාලමක්
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd