දැනට රක්ෂිත බන්ධනාගාරයේ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා ඇප මත මුදා හරින ලෙසට ඉල්ලා ගොනු කර ඇති ප්රතිශෝධන පෙත්සම මැයි මස 19 දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
මෙම පෙත්සම අද දින අභියාචනාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර සහ විනිසුරු නීල් ඉද්දවෙල යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවන ලදී .
හෘද සැත්කමකට භාජනය වී ඇති දැනට රක්ෂිත බන්ධනාගාරයේ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාගේ ජීවිතය අනතුරුදායක තත්ත්වයක ඇති බැවින් ඇප ඉල්ලා ගොනු කර ඇති ප්රතිශෝධන පෙත්සම කඩිනමින් විභාග කිරීමේ අවශ්‍යතාවය ඔහුගේ නීතිඥවරයා අද අභියාචනාධිකරණයේ දී අවධාරණය කර සිටියා .
ඒ අනුව පෙත්සම මැයි මස 19 දා විනිසුරු බන්දුල කරුණාරත්න මහතා සහ ආර්.ගුරුසිංහ මහතාගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග කිරීමට දින නියම කරන ලදී ..