අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අගෝස්තු මස 7වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (31දා) උදෑසන අත්අඩංගුවට ගත් ශානි අබේසේකර මහතා පැය 8ක පමණ කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.