මේ වනවිට රට තුළ කොවිඩ් වෛරසයේ යම් පාලිත තත්ත්වයක් තිබුනත් එය නැවත ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකි බැවින් වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝවීම පාලනය කිරීම සඳහා ගෙන ඇති සියලු සෞඛ්‍යමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු යැයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.
ලේකම්වරයා මෙම අදහස් පළ කළේ පරිසර අමාත්‍යාංශ පරිශ්‍රය තුළ කොවිඩ් රෝගී තත්ත්වය වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු කොවිඩ් රෝගය වැළැක්වීමේ ක්‍රමවේදයන් සම්බන්ධව නිලධාරින් දැනුම්වත් කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.
රජය විසින් සෑම ආයතනයකම කොවිඩ් මර්දනය සඳහා නිලධාරින් දැනුම්වත් කිරීම සඳහා සෞඛ්‍ය නිලධාරියෙකුගේ සේවය ලබා ගත යුතු යැයි දන්වා තිබු අතර පරිසර අමාත්‍යාංශයට විශේෂයෙන් එවැනි නිලධාරියෙකුගේ සේවය ලබා ගැනීමට අවශ්‍ය නොවීය.
හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වශයෙන් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එම දැනුවත් කිරීමේ රාජකාරිය බාර ගෙන කටයුතු කරනු ලැබීය.
එහිදී ඒ මහතා පළ කළ අදහස් මෙසේය.
කොවිඩ් 19 වසංගත තත්ත්වය මේ වනවිට අපේ රටේ යම් පාලනය වීමක් තිබෙනවා. නමුත් ඇතැම් රටවල්වල තවමත් කොවිඩ් වසංගත තත්ත්වය පැතිරෙමින් තිබෙනවා. උදාහරණයක් විදියට නිව්යෝක් නගරයෙත් තවමත් රෝගින් වාර්තා වෙනවා. ඒ වගේම එක්සත් රාජධානියේ දිනකට රෝගින් ලක්ෂයක් පමණ වාර්තාවෙනවා.
කොවිඩ් නිසා පසුගිය කාලයේ අපි දුශ්කරතා රැසකට මුහුණ දුන්නා. ශ්‍රි ලංකාවේ රජය, ජනතාව, ආයතන වශයෙන් විශාල දුශ්කරතා වලට මුහුණ දුන් ආකාරය ඔබ දන්නවා. ඒ වගේම ඒ අතර වුවත් අපේ ආයෝජන මණ්ඩලය වැනි විදේශ විනිමය උපයන ආයතනවලට මෙන්ම අපනයනය කරන ආයතනවලට හානියක් නොවන ආකාරයට කටයුතු කරන්නට අපිට හැකි වුනා.
කොවිඩ් වසංගත තත්ත්වය පාලනයේ දී රටේ ආර්ථීකය හා සමාජ කටයුතු ඉදිරියට ගෙනයාමටත් කොවිඩ් තත්ත්වය අනුරූපිව පාලනයටත් සෞඛ්‍ය අංශවලට යම් කිසි මිණුම් දණ්ඩක් තිබිය යුතුයි.රටතුළ විවිධ රෝගී මට්ටම් වාර්තා වන්නේ නම් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග රටේ ඉහළ සිට පහළ දක්වා හොඳ විනයක් ඇතිව පවත්වාගෙන යා යුතුයි. සියලු දෙනා ඒ අනුව කටයුතු කළ යුතුයි. රට තුළ පවතින විවිධ සමාජ විසමතාවන් කොවිඩ් වසංගතය තුළට රිංගා ගැනීමට තිබෙන ඉඩකඩ ඇහිරිය යුතුව තිබෙනවා. වෛරසය තුළට සමාජ විසමතා ද ඇතුලු වුවහොත් වෛරසයේ බලපෑම දෙගුණ තෙගුණ විය හැකියි.
මේ දිනවල ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් තිබෙන ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය අනිකුත් කොවිඩ් ප්‍රභේදවලට වඩා බලපෑමෙන් අඩු බව දැනට පෙන්නුම් කරනවා. වර්තමානයේ අපේ රට තුළ කොවිඩ් 19 වසංගත තත්ත්වයේ යම් පාලනයක් දක්නට ලැබෙනවා. රෝගීන් යම් ප්‍රමාණයක් වාර්තා වුනත් මරණ අවමවීම හොඳ තත්ත්වයක්. එයට හේතුව තමයි වෛරසයේ බලපෑම ක්‍රමානුකූලව හීනවීම.
මීට වසර සියයකට පමණ ඉහත දීත් මෙවැනි වසංගත තත්ත්වයන් වාර්තා වුනා. කොවිඩ් වෛරසය යම්කිසි කාලයක් තුළ නැවතිය යුතු නමුත් මෙවර වෛරසයේ බලපෑම හීනවීමට යම් දීර්ඝ කාලයක් ගත වුනා. රතිඤ්ඤා පත්තුවෙනවා වගේ විවිධ ප්‍රභේද මතුවෙන්නට පටන් ගන්නේ වෛරසය උත්සන්න වනවිටයි. කොව්ඩ් වෛරසයේ මේ වනවිට යම් පාලනයක් තිබුනත් එය නැවත ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකියි. ඒ නිසා වෛරසය පුද්ගලයාගෙ/න් පුද්ගලයාට බෝවීම පාලනය කිරීම සඳහා අනුගමනය කළ යුතු සියලු සෞඛ්‍යමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියටත් පවත්වාගෙන යා යුතුයි.
ඒ නිසා පුද්ගල දුරස්ථභාවය තවදුරටත් තබා ගත යුතුයි. ඒ වගේම මුහුණු ආවරණ පැළඳීම මෙන්ම සනීපාරක්ෂක ද්‍රව්‍ය යොදා දෑත් පිරිසිදු කර ගැනීම මෙන්ම ආචාර කරන විට අතට අත දී ආචාර කිරීමට වඩා අපේ සංස්කෘතිය අනුව ආයුබෝවන් යැයි කියා දෑත් එක් කර ආචාර කිරීම ද කොවිඩ් වෛරසය ව්‍යාප්තිය පාලනයට උපක්‍රමයක් ලෙස භාවිතා කළ හැකියි.
එමනිසා මෙම කොවිඩ් වසංගත තත්ත්වය අප රටෙන් මෙන්ම සමස්ත ලෝකයෙන්ම පහව යන තුරු අපිට එය වළක්වා ගැනීම සඳහා භාවිතා කරන උපක්‍රම යොදා ගැනීමට සිදුවෙනවා යැයි ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
