වෙසක් පොහෝ දිනයේදී අම්බලන්තොට ඝාතනයක්
අම්බලන්තොට වරාගොඩැල්ල ප්රදේශයේදී වෙසක් පුන් පොහෝ දිනය යෙදී තිබුණ ඊයේ (07දා) රාත්රී පුද්ගලයෙකු තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙන බව අම්බලන්තොට පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්රදේශයේම පදිංචි දඩල්ලගේ රන්ජිත් නමැති වයස අවුරුදු 53 ක් පමණ වන පස්දරු පියෙකු වන අතර ප්රදේශයේම අයෙකු ඔහු සමඟ ඇතිවූ බහින් බස්වීමකින් අනතුරුව මෙම ඝාතනය සිදුකර තිබෙන බව අම්බලන්තොට පොලීසිය පැවැසීය.
කෙසේ නමුත් ඝාතනය සිදුකර ඇති පුද්ගලයා අම්බලන්තොට පොලිසිය හදුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භකර තිබේ .
එමෙන්ම මියගිය පුද්ගලයාගේ සිරුර මේ වනවිට හම්බන්තොට මහරෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත්කර තැති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත වේ.

popular news
-
rocky Friday, 08 May 2020 11:31 AM
වෙසක් පෝය දවසේ මිනි මරුවාම වැඩියෙන් පවු සිද්ධ වෙනවාද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

