විෂබිජහරණයට පැමිණි නගර සභා සේවකයින් පිරිසක් මුදල් භාණ්ඩ සොරා ගනිති
කොවිඩ් 19 වෛරසය ආසාදනය වු අසාදිතයෙකු හමුවිම නිසා වසා දමා තිබු හැටන් නගර මධ්‍යයේ පිහිටි මත්ස්යඅ වෙළදපෙලේ විෂබිජහරණයට ලක් කිරිමට ඊයේ දින පැමිණි හැටන් දික්ඔය නගර සභාවේ සේවකයින් එම වෙළදසැලේ තිබු මුදල් සහ භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇති බව එම මත්ස්‍ය වෙළදපොලේ කළමණාකාරවරයා පැවසිය.
එම මත්ස්‍ය වෙළදපොලේ මුදල් කවුන්ටරය කඩා එහි තිබු රු තිස්හත්දහසක මුදල් සහ මත්ස්‍ය වෙළදසැලේ අලෙවි කිරිමට තිබු රු පනස්දහසක් පමණ වටිනා මිරිස් කුඩු , පොල්තෙල් බෝතල් කිහිපයක් සහ වෙළදසැලේ පාරිභෝගියන්ට මාළු ලබා දිමට තිබු පත්තර තොගයක්ද සොරාගෙන ගොස් ඇත.
එම වෙළදසැලේ සේවය කල සේවකයින් සෞඛ්‍ය අංශ විසින් ස්වයං නිරෝධානයට යොමු කර තිබු අතර , එම ස්වයං නිරෝධානය (07) දින අවසන් විමෙන් පසු එම මත්ස්‍ය වෙළදපොල සුද්ධ පවිත්‍ර කිරිමට පැමිණි එම සේවකයින් එම මත්ස්‍ය වෙළදසැලේ සවි කර තිබු ආරක්ෂිත කැමරා පද්ධතිය පරික්ෂා කිරිමේදි මුදල් සහ භාණ්ඩ සොරාගන්නා ආකාරය එහි සටහන් වි තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් එම මත්ස්‍ය වෙළදසැලේ කළමණාකරු විසින් හැටන් පොලිසියට පැමිණිලි කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

