විශ්වාසභංගය පොඩි එකාගේ ලියුම වගෙයි
විපක්ෂයේ විශ්වාසභංගය පොඩි එකාගේ ලියුමක් වගේ යැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය. එසේම එම විශ්වාසභංගයට අත්සන් කළ මන්ත්‍රීවරයෙක් තමන්ට එහි පිටපතක් යොමුක බවද ඔහු පැවැසීය.
අමාත්‍යවරයා මේ බව පැවැසුවේ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ (මුල්ලේරියාව රෝහල) දැඩි සත්කාර ඒකකය සඳහා අයි සී යූ ඇඳන් ලබාදීම අද දින (16සා) සිදුකෙරුණු අවස්ථාවේදීය.
“ඒක නම් (විශ්වාසභංගය) මට ලැබුණා. එයට අත්සන් කරන අතර මන්ත්‍රීවරයෙක් එහි පිටපතක් මා වෙතත් එවා තිබුණා. ඒක හරියට පොඩි එකාගේ ලිපිය වගේ. මම එහි අඩංගු අඩුපාඩු මොනවාද එහි සඳහන් කාරණා නොගැලපෙන්නේ ඇයි ද යන්න ඉදිරියේදී ප්‍රකාශ කරන්නම්.
ඒ වගේම විපක්ෂ නායකතුමා ලිඛිත ප්‍රකාශයක් කරමින් කිව්වා ඉවත් විය යුත්තේ ගම්මන්පිල නොව ආණ්ඩුවයි කියලා. විපක්ෂ නායකතුමා එහෙම කියලා තිබියදී විපක්ෂයේ මන්ත්රීවරුන්පිරිසක් ආණ්ඩුවට නොව මට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමෙන් පෙනෙන්නේ පක්ෂ නායකවරයාගේ ප්‍රකාශය පිළිබඳව වත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විශ්වාසයක් නොමැති බවයි.
ඒ නිසා මෙය මට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවක් නොව විපක්ෂ නායකතුමන්ට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවක් ලෙසයි මා දකින්නේ. මා පළාත් අමාත්‍යවරයෙකු ලෙසින් කටයුතු කරන කාලයේ ද විශ්වාසභංග යෝජනාවක් ආවා. අවසානයේදී ආණ්ඩු පක්ෂයෙත් විපක්ෂයේත් සහයෝගයෙන් මට ඒ විශ්වාසභංග යෝජනාව පරාජය කරන්නට හැකියාව ලැබුණා.
විශ්වාසභංග යෝජනා වලට හොඳින් මුහුණ දීලා ඒවා පරාජය කරපු අත්දැකීම් මට තියෙනවා. විපක්ෂයේ දේශපාලන නොදන්නා කමයි මෙම විශ්වාසභංගය හරහා පෙන්වා දී තියෙන්නේ”

popular news
-
Samson de silva Thursday, 17 June 2021 08:16 AM
Mey gobbayaa kata ariyoth kiyanne boru. Athsan karapu manthreewarayek muta copy ekak ewwalu. Eka aththanam ewapu manthreege nama kiyapan buruwo.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

