විනය හදන්න හමුදා පුහුණුවක් ඉල්ලන ඇමති
විනයගරුක සමාජයක් බිහි කිරීමට අවුරුදු 18ට ඉහළ තරුණ තරුණියන්ට හමුදා කඳවුරක පුහුණුවක් ලබාදිය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි. පානදුර පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“පංච ව්යවසයනයන් තියෙන කාලෙක බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න බෑ. කප්පම්කාරයෝ, පාතාලයේ ස්ත්‍රී දූෂකයෝ ළමා අපචාරකයෝ හා මත්කුඩු ජාවාරම්කාරයෝ නැති කළාම ඉතාමත් සතුටින් ජීවත්වෙන්න පුළුවන්.
අවුරුදු 18ට වැඩි අයට හමුදා පුහුණුවක් ලබාදෙන්න කියලා මම පාර්ලිමේන්තුවේ කිව්වාම මට අපහාස කළා. හමුදා පුහුණුවක් කියන්නේ මේ සමහරු චෝදනා කරනවා වගේ මිලිටරි පුද්ගලයෙක් හදන එක නෙමෙයි.නමුත් 18 ඉහළ තරුණයින්ට යම්කිසි පුහුනුවක් දෙනවනම් දෙන්න පුළුවන් හොඳම තැන තමයි හමුදා කඳවුර.
යම්කිසි පාඨමාලවක් දුන්නොත් අපිට පුළුවන් වෙනවා ක්‍රම ක්‍රමයෙන් සමාජය විනය ගරුක සමාජයක් කරන්න.”
popular news
-
ටි.රේවත හිමි Saturday, 17 July 2021 06:46 AM
ධර්මය මනෝ විද්‍යාව පාවිච්චි කරලත් විනය ඉතාමත් හොදට සකස් කළ හැකියි. එමෙන්ම මොන්ටිසෝරියේ සිටම විනය සකස් කිරීම සඳහා විෂය නිර්දේශ වෙනස් කළ යුතුයි. විනය යනු විශේෂයෙන් මනසින් ආරම්භ වී කයත් සකස්වන දෙයකි. ඉතාමත් දැඩි විනයක් ඇත්තේ අපේ රටේ ප්‍රධාන ආගමක් වන බුදු දහමේය. එමනිසා හමුදා කඳවුරකදී හෝ කොහේදි හෝ විනය පුහුණු කරනවානම් එතනට ආගමි පූජ්‍ය පූජක පක්ෂය හා මනෝ විද්‍යා විශේෂඥයන් යොදා ගත යුතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

