විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම මේ සතියේ යළි අරඹනවා - යුධ හමුදාධිපති
ගුවන් තොටුපළ මඟින් වෙනුවෙන් යළි විවෘත කිරීම කොවිඩ් 19 වෛරසය පැතිරයාම සිදුවන ආකාරය අනුව තීරණය කිරීම රජය විසින් සිදුකරනු ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.
හමුදාපතිවරයා එසේ ප්‍රකාශ කළේ එක්සත් ජාතිනීගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ ක්‍රියාත්මක කරන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරී සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ 7 වන යුද්ධ හමුදා කණ්ඩායමට සුබපැතුම් ඒක්කිරීම වෙනුවෙන් අඟහරුවාදා (17) දින උදෑසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි අවස්තාවේදීය.
මෙම ඒලෙස පිටව ගිය යුද්ධ හමුදා භට කණ්ඩායම නිලධාරීන් 10 ක් සහ සෙසුනිලයින් 22 දෙදෙනෙකුගෙන් සමන්විතය. මෙම කණ්ඩායම වෛද්‍ය විශේෂඥයින්, වෛද්‍ය නිලධාරීන් සහ දන්ත වෛද්‍යවරයකු, පරිපාලන නිලධාරීන් , හෙදියන් , ශල්‍යාගාර තාක්ෂණ ශිල්පීන්, භෞතික චිකිත්සකවේදීන් විකිරණ වේදීන්, විකිරණ තාක්ෂණ ශිල්පීන්, දන්ත සහායකයන්, දන්ත කාර්මිකයන්, වෛද්‍ය සහයකින්, සනීපාරක්ෂක සහයකයන්, පරිපාලන ලිපිකරුවන්, සූපවේදීන්, ගිලන් රථ රියදුරන් සහ මෘත ශරීරාගාර සහායකයන් ඇතුළු වෘත්තිකයින්ගෙන් සමන්විතය. අද දිවයිනෙන් පිටත්ව ගිය 7 වන යුද්ධ හමුදාභට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස කර්නල් රොෂාන් ජයමාන්න කටයුතු කරනු ලබයි.
මෙහිදී අදහස් දැක්වූ යුද්ධ හමුදාධීපතුමන් මෙසේද කීය.
රජයක් වශයෙන් ගුවන් තොටුපළ විවෘත කිරීම සඳහා අවශ්‍ය අවශ්‍ය සුදුදුම අවස්ථාවේ ඒ වෙනුවෙන් තිරණය කරයි. මේවන විටත් ශ්‍රී ලාංකිකයින් ඉතා සුළු වශයෙන් මෙරටට රැගෙන ඒම සිදුකරනු ලබනවා. ඒ වුණත් මේ සතියේ ඉඳලා රටේ රනතාවට අපහසුතාවයක් හෝ කොඩිඩ් 19 වෛරසය පැතිරයාමක් සිදු නොව ආකාරයෙන් ශ්‍රීලංකාවට රැගෙන ඒම සිදු කරන්න කටයුතු කරනවා.
2014 දි ශ්‍රීලංකාවේ රෝහලක් එක්සත් ජාතීන්ගේ රෝහලක් වශයෙන් ස්ථාපනය කරනු ලැබුවා. ඒ රෝහලෙන් එක්සත් ජාතීන්ගේ රාජකාරි කරනු ලබන සියලුම අයවළුන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමටයි මේ රෝහල පිහිටවනු ලැබුවේ. ඒ වගේම ඒ රෝහල පිහිටි ප්‍රදේශයේ ජනතාවටත් ඒ මඟින් සේවයක් ඉටුකරනු ලබනවා. අපේ ආරක්ෂක අංශ විසින් එක්සත් ජාතීන්ගේ සංවිධෘනයේ රෝහලක් මේ ආකාරයෙන් පවත්වාගෙන යාම රටක් වශයෙන් අපි ආඩම්බරවිය යුතු කාරණාවක් යැයි යුද්ධ හමුදාධිපති පැවසීය.
දිලංක ගුණතිලක
popular news
-
Rbinhood Tuesday, 17 November 2020 05:37 PM
Why not It has to start otherwise how can you maintain your income from commission. There are a large number of people in Sri Lanka doing foreign employment for a short period of time like 1 month to three months and return to home for short vacations. How can they continue this type of employment if your quarantine mafia going to steal hard-earned money from them and letting your friends earn high profits even better than their normal performance before the Covid-19. I know some people already start to stop sending their salaries back to Sri Lanka considering the way you have started to treat these foreign employers and spend their life in the same counties.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

