නව රජයේ විදුලිබල අමාත්‍යවරයා වශයෙන් පත්වූ ඩලස් අලහප්පෙරුම මහතා (අද) 13 සිය තනතුරෙහි රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.
විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍රයේදී නිල වශයෙන් පැවති මෙම අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, දේශපාලන ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින්, ජනාධිපතිතුමාගේ ඒකායන අධිෂ්ඨානය වන ශ්‍රී ලංකාව සෞභාග්‍යයේ දේශයක් බවට පත්කිරීමේ භාරධූර කර්තව්‍යයට අප සියලු දෙනාම ඇප කැපවිය යුතු බවයි.
මෙහිදී පැමිණ සිටි පිරිස ඇමතූ අමාත්‍ය අලහප්පෙරුම මහතා,
"මෙතෙක් අපේ රාජ්‍ය නායකයා වුනේ දේශපාලනික නායකයෙක්. නමුත් මෙවර ඒ ක්‍රමය වෙනස් වෙලා. ප්‍රථම වතාවට දේශපාලනික නොවන නායකයෙක් ජනාධිපති බවට පත්වුණා. ඒ වගේම ගෝඨාභය මහතා තාක්ෂණිකවේදියෙක්. රට දියුණූ කිරීමේ කටයුත්තේදී මෙ අමාත්‍යාංශයට විශාල කාර්යභාරයක් තිබෙන බව ජනාධිපතිතුමා දැඩි ලෙස විශ්වාස කරනවා. ජනාධිපතිතුමා කෙරෙහි විශාල විශ්වාසයක් තබලා තමයි ජනතාව මෙවර එතුමාව ජයග්‍රහණයට පත්කළේ. එතුමා මා කෙරෙහි එවැනිම විශ්වාසයක් තබලා තමයි, මට මේ වගේ වැදගත් අමාත්‍යාංශයක් පවරලා තිබෙන්නේ. ජනාධිපතිතුමාත් අගැතිතුමාත් මා කෙරෙහි තැබූ ඒ විශ්වාසය ඉතාමත් සුරක්ෂිතව මා ආරක්ෂා කළ යුතුයි. මම මගේ දේශපාලනය ඊට හරස් කරගන්නේ නැහැ. මම ප්‍රාථමික, ගෝත්‍රික දේශපාලනික කෝණයකින් මම කිසිම ප්‍රශ්නයක් දිහා බලන පුද්ගලයෙක් නෙමෙයි. අපේ රට මෙවැනි තත්ත්වයකට පත්වෙලා තිබෙන්නේ අශිලාචාර දේශපාලන ක්‍රමයක් නිසා. ඒ ක්‍රමය නිමා කරන්න දැන් කාලය එළඹිලා තිබෙන්නේ.
ශිලාචාර පාර්ලිමේන්තුවක් තුලින් ශිලාචාර රටක් හදන අභියෝගයට මට උදව් කරන්න කියලා ලේකම්තුමිය ඇතුළු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. දැනට දෛනිකව මිලියන 250 ක පමණ දෛනික අලාභයක් විදුලිබල මණ්ඩලය ලබනවා. මේවා මහජනතාවගේ බදු මුදල්. මේ අභියෝගයට ආදරය කරලා, ඒවා ජයග්‍රහණය කරමු. මම අද පටන් ඔබේ කණ්ඩායම් නායකයා වෙලා තිබෙනවා. නායකයා හොද වුණාට හොඳ කණ්ඩායමක් නැතිව ජයග්‍රහණය කරන්න බැහැ. ඒ නිසා අපි අද පටන් හොඳ කණ්ඩායමක් වෙමු" යැයි පැවසීය.
