වැරදුන දේවලුත් තිබෙනවා
කඩිනම් මහවැලි ව්‍යාපාරය අවුරුදු 6 න් කළ ආකාරයට කාබනික පොහොර හඳුන්වාදීම කඩිනම් කිරීම අවුරුදු 5 කට සැලසුම් කිරීමට තිබුණ බව රාජ්‍ය අමාත්‍ය අචාර්ය නාලක ගොඩහේවා මහතා පැවැසීය.
නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පළකර සිටියේ, තම විමධ්‍යගත අරමුදලින් බියගම උඩුපිල කම්මල්වත්ත ජයසුමනාරාම විහාරස්ථානයට පුස්තකාලයක් ලබාදීම සහ බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලියාපදිංචි සමිති 14 ක් සඳහා උපකරණ ලබාදීමේ අවස්ථාවට එක් වෙමිනි.
‘‘අපි හරි දේවල් කරද්දි වැරදිච්ච දේවලූත් තිබෙනවා. ඒ වැරදුනු දේවලත් කොටස් දෙකක් තිබෙනවා. එකක් තමයි අපිට පාලනය කර ගන්නට හැකියාව නොතිබුණු දේවල්. මේ ගෝලීය අර්බුදයත් පාලනය කරන්න බැරි වෙච්ච කාරණයක්. තව දෙයක් මම කිව්වා අපි අපේම වරදින් හදාගත්ත ප්‍රශ්න කිහිපයකුත් තිබෙනවා. එකක් තමයි මේ පොහොර පිළිබඳ ප්රශ්නය. පොහොර පිළිබඳ ප්රශ්නය තරමක් දුරට අපි හදාගත්ත ප්‍රශ්නයක්. ඒක අපි හදාගත්තේ අපේ අරමුණ කුමක්ද කියලා හරියට වටහා ගන්නේ නැතිව ඒක වැරදි ආකාරයට කි‍්‍රයාත්මක කිරීම නිසා.
මම නැවතත් ඒක තමුන්නාන්සේලාට පැහැදිලි කරන්නම්, ඔබලා ඒක අවදානයෙන් අහගෙන ඉන්නවා. මට සතුටුයි ඒ ගැන. මේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉතාමත්ම පැහැදිලිව කියලා තිබෙනවා. මේ රට කාබනික පොහොර වගාවට යන්න ඕනේ කියලා. හැබැයි ඒ කියලා තිබෙන්නේ අවුරුදු 10 කින්. ඒ ප්‍රතිපත්ති ප්රකාශනයේ අවසාන කෙටුම්පත ලියපු කෙනෙක් මම. අපි කිව්වා අවුරුදු 10 කින් මේ රට වස විසෙන් තොර කාබනික පොහොර භාවිතයට යොමු කරන්න ඕනේ කියලා. එය ප්‍රතිපත්තියේ තිබුණා. ජනාධිපතිතුමා පොඩි වෙනසක් සිදුකළා මේ ප්‍රතිපත්තියේ. මොකද්ද ඒ වෙනස. එතුමා කිව්වා මට මේක කඩිනම් කරන්න ඕනේ කියලා. අවුරුදු 10 කින් නෙමෙයි මට මේක මගේ ධූර කාලය තුළ කරන්න ඕනේ කියලා ජනාධිපතිතුමා කිව්වා.
ඒ කීමේ වරදත් තිබෙනවාද? මම හිතන්නේ නැහැ ඒකෙ වරදක් තිබෙනවා කියලා. නමුත් ඒක කි‍්‍රයාත්මක කිරීමේදී අපි වැරදි ගොඩක් කරගත්තා. මොකද්ද කර ගත්ත පළවෙනි වැරැුද්ද?, පළවෙනි වරද තමයි අවුරුදු පහකින් කරන්න තිබුණ දේට ගිහිල්ලා ගැසට් එකක් ගැහුවා වහාම කි‍්‍රයාත්මක වන පරිදි රසායනික පොහොර ගෙන්වන එක නතර කරනවා කියලා. ඒක මගේ විෂය නෙමෙයි, මම හිතන්නේ නැහැ ජනාධිපතිතුමා එහෙම කිව්වා කියලා. එහෙනම් කවුද මේක කරපු නිලධාරියෝ?.
මම පාර්ලිමේන්තුවේ මුදල් කොමිසමේ ඉන්නවා සාමාජිකයෙක් වශයෙන්. මුදල් කොමිසමට ආවාහම ඒ ගැසට් පත්‍රයේත් හුඟක් වැරදි තිබ්බා. අපි ඇහුවා ඇයි මෙහෙම ගැසට් ගහන්නේ, නිලධාරීන් ඇයි මේවා හොයලා බලලා කරන්නේ නැත්තේ කියලා. අපි ඒ ප්රශ්නය ඇහුවා. ඒ නිසා මොකද උනේ මේ රටේ මහා විරෝධයක් හැදෙන්න පටන් ගත්තා. මහා ප්‍රශ්නයක් ඇතිවෙන්න පටන් ගත්තා. එකපාරටම කඩිනමින් සියල්ල නතර කරලා උඩු යටිකුරු කරන්න බැහැ කියලා මිනිස්සු, ගොවියො කියන්න පටන් ගත්තා.
ඊ ළඟට ඒ ගැසට් එක විතරක් නෙමෙයි ඒ වැඩ පිළිවෙල ඉවක් බවක් නැතිව කරන්න උත්සාහ කරා. ඒ නිසා ජනතාව තුළ මේ හොඳ වැඬේට විරෝධයක් හැදෙන්න පටන් ගත්තා. ඒ නිසා කරන්න පුළුවන් මිනිහත් කරන්නෙ නැතිව හිටියා. අන්තිමට මහා විශාල ප්‍රශ්නයක් ඇතිවෙලා අපේ ගොවිබිම්වල වැඩකටයුතු නතර වෙලා අවසානයේදී අපට යම්කිසි නම්යශීලීතාවයකට එන්න සිදුවුණා.
මම හිතනවා ඒක අපි විහින් කරගත්ත වරදක්. ඒක අපිට පිළිගන්නට වෙනවා. ප්‍රමාද වෙලා හරි ඒක නිවැරදි කරගෙන ඉන්න එක හොඳ තත්වයක්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපි ප්‍රතිපත්ති වෙනස් වෙලා කියලා. ’’ යැයි පැවසීය.

popular news
-
Dayan Tuesday, 21 December 2021 07:45 AM
This is what all says. It is a good project but without any planing it was changed over night. All including president should know nothing can achieve without proper planing.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

