නැවතත් වාහන ආනයනයට අවසර ලබාදීම සම්බන්ධයෙන් දෙසැම්බර් මාසයේ තීරණයකට එළැඹෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසා සිටියි.
දැනට පවත්වාගෙන යන සීමාවන් දිගටම පවත්වාගෙ යෑමේ බලාපොරොත්තුවක් නොමැති බවත් ක්ෂණිකව විවෘත කළහොත් විශාල පීඩනයක් එල්ලවිය හැකි බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කර සිටියි.
එම පීඩනය දරා ගැනීම සඳහා යම් කාලයක් අවශ්‍ය බවත් ඉන් පසු ක්‍රමක් ක්‍රමයෙන් ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බවයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.