වත්මන් රජයේ වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු තිදෙනා විසින් යුගදනවි ගිවිසුමට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ දිවුරුම් පෙත්සම් ව්‍යවස්ථාවට අනුකූල නොවන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස්වලින් 40%ක් අමෙරිකාවේ නිව් ෆෝට්රස් එනර්ජි සමාගමට පැවරීමට පසුගියදා අත්සන් තැබුණු ගිවිසුමට එරෙහිව, එම අමාත්‍යවරුන් තිදෙනා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අදාළ පෙත්සම් ගොනුකර තිබුණි.