වාරියපොළ සැකකාර හිමිනමට ඇප
වාරියපොල පොලීසිය තුළදී පොලිස් පරීක්ෂකවරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී පොලීසියට බාරවූ වාරියපොළ ශ්‍රී විශුද්ධාරාම විහාරාධිකාරි වඩුගෙදර සාරානන්ද හිමියන් රුපියල් ලක්ෂ පහ බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත මුදාහැරීමට වාරියපොල වැඩබලන මහේස්ත්‍රාත් නීතිඥ ධර්ම ශ්‍රී මනතුංග මහතා නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා දැඩි කොන්දේසි මත මත හිමිනම ඇප මත මුදාහැරීමට නියම කළේය . මෙම නඩුවේ පාර්ශ්වකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් සෑම ඉරිදාම වාරියපොල පොලීසියේ පෙනී සිටින ලෙසත් සැකකාර හිමිනමට දන්වා සිටියේය. ඇප නියම කිරීමට හේතු වශයෙන් ස්වෙච්ඡාවෙන් පොලීසියට ඉදිරිපත් වීම, භික්ෂුවක් වීම සහ රටතුළ පවතින වසංගත තත්වය සැලකිල්ලට ගත් බව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝගය ලබාදෙමින් සඳහන් කළේය.
මෙම නඩුව නැවත අප්‍රේල් මස 29 දින කැදවීමට නියමිත අතර පොලිස් නිලධාරියාගේ ක්‍රියාකලාපය සම්බන්ධව අධිකරණය වෙත වෙනම කරුණු දැක්වීමට නියමිතය.
ගීතාංජලී ප්‍රියදර්ශනී
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
