ඇඳිරි නීතිය ඉවත් කළ පසුව ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වෙළඳපොළ වෙත පැමිණෙන්නේ නම් එක් නිවසකින් එක් අයෙක් පමණක් පැමිණෙන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ජනතාව ඒකරාශී වුවහොත් පවතින කොරෝනා වයිරසය පැතිර යාමේ තර්ජනය වර්ධනය විය හැකි බැවින් මෙම ඉල්ලීම කරන බවශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ලංකාදීපයට පැවැසීය.
පෝලිමක සිටිය දී දෙදෙනෙකු අතර පරතරය මීටරයක් සිටින සේ සිටින ලෙස ද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.