වාද්දූව දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු වහන්සේලා 26 නමකට සහ ගිහියන් සිව්දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.
ස්වාමීන් වහන්සේලා කිහිපනමකට ඇති වු රෝගී තත්ත්වයක් මත ජූනි 28 වන දා සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකින් ස්වාමීන් වහන්සේලා පස්දෙනෙකුට හා ගිහි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති අතර ඉන් අනතුරුව එම විහාරස්ථානයේ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණ 83ක දී ස්වාමීන් වහන්සේලා 21නමකට සහ ගිහි පුද්ගලයින් තිදෙනෙකුට කොවිඩ් වැළඳී ඇතැයි අනාවරණය වී ඇත.