රටතුළ කොවිඩ් 19 රෝගය වාර්තාවීමත් සමග ඒ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරිම සඳහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියි.
කොළඹ දී අද (13දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවැසීය.
රට හා ජනතාව ගැන සිතා දේශපාලන වාසි අවාසි පසෙක තබා මෙම අවස්ථාවේ කටයුතු කළ යුතු බවද ඔහු පැවැසීය.
පාර්ලිමේන්තුවේ අවසන්වරට විපක්ෂය නියෝජනය කළ කණ්ඩායම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කර තත්ත්වය පාලනය කිරිම වෙනුවෙන් අවශ්‍ය සියලුම සහාය ලබාදීමට සූදානම් බවත් ඔහු සඳහන් කළේය.