වූහාන් (ෂින්හුවා) - කොවිඩ් 19 මුලින්ම වාර්තා වූ මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයේ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා තාවකාලිකව ඉදිකළ රෝහල් 16 වසා දැමිමට කටයුතු කර තිබේ.
වූහාන්හි පොදු සථාන මෙසේ තාවකාලික රෝහල් බවට පත්කළ අතර එම රෝහල්හි ප්‍රතිකාර ලැබූ සියලු රෝගීන් සුවය ලබා පිටත්වීමත්, අලුතෙන් රෝගීන් වාර්තා නොවීමත් හේතුවෙන් මෙසේ එම තාවකාලික රෝහල් වසා දමා තිබේ.
පෙබරරවාරි මස මුලදී වූහාන්හි ප්‍රදර්ශන මධ්‍යස්ථාන සහ ව්‍යායාම ශාලා වැනි පොදු ස්ථාන මෙසේ රෝහල් පරිවර්තනය කරන ලදී.
වූහාන්හි තාවකාලික රෝහල් 16න් අවම වශයෙන් රෝගීන් 12,000 කට වැඩි සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබා තිබේ.