තෙල්දෙනිය පොලිස් වසමේ කුඹුක්කදුර ප්‍රදේශයේ සැකකටයුතු වාහනයක් නවතා තිබෙන බවට ලද තොරතුරකට අනුව එම වාහනය පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදී පොලිස් කැබ් රථයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී පොලිසියෙන් මිදී පලා යාමට තැත් කළ පුද්ගලයකුට පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමක දි ඔහුගේ පාදයට වෙඩි වැදී තෙල්දෙණිය මූලික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි .
එසේ වෙඩි වැදී ඇත්තේ 24 හැවිරිදි තරුණයකුට වන අතර ඔවුන් සමග පුද්ගලයින් සිව් දෙනෙකු සිට ඇති අතර ඔවුන් සියලු දෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
තෙල්දෙනිය පොලිස් වසමේ කුඹුක්කදුර ප්‍රදේශයේ සැකකටයුතු වාහනයක් තිබෙන බවට පසුගිය 30 වැනි දින තෙල්දෙණිය පොලීසියට ලැබුණු තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් වාහනය නිරීක්ෂණය කිරීමේදී එම වාහනය තුළ කඹයක් සහ කඩු දෙකක් තිබෙන බවට නිරීක්ෂණය වීමෙන් පසු පොලීසියේ අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් එහි කැඳවා වාහනය පරීක්ෂා කරන අවස්ථාවේ දී කැලයේ සැඟව සිටි පිරිසක් පොලීසිය දෙසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට තිබේ. ඉන් කිසිවෙකුටත් හානියක් සිදු නොවුණත් පසුව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ .
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී සිද්ධියට සම්බන්ධ තවත් පිරිසක් සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව ඊයේ (01) පස්වරුවේ කුඹුක්කදුර ප්‍රදේශයට පොලිසිය ගොස් ගොස් සිදු සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර සැකකරුවන් පලා යාමට තැත් කළ අවස්ථාවේ අදාළ වෙඩි තැබීම සිදු කොට තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් එක් අයෙකු නාවුල ප්‍රදේශයේ දී පොලිස් ග්රහණයෙන් මිදී පළා ගිය අයෙකු බවත් තවත් පුද්ගලයකු මහියංගන අධිකරණයේ දී බන්ධනාගාර නිලධාරීන්ගේ ග්රහණයෙන් මිදී පළා ගිය අයෙකු බවත් පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ .
සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමට හා ගවයින් සොරාගෙන ගොස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බවට පොලිසිය සැක කරයි .
තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් සේරම් මහතාගේ උපදෙස් පරිදි තෙල්දෙණිය මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී. එස්. පද්මකුමාර මහතාගේ මෙහෙයවීම යටතේ ඉදිරි විමර්ශන සිදු කෙරේ.
ෂේන් සෙනෙවිරත්න