යහපාලන රජය මගින් විශාල මුදලක් වියදම් කර ඇමැතිවරන්ට වාහන ගෙන්වීම පිළිබඳව එයට සම්බන්ධ වූවන්ගේ නම් ඇතුළත් පැහැදිලි වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පැවසීය.
විපක්ෂ නායක කාර්යාලයේ අද (10දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
පසුගියදා පාර්ලිමේන්තුවේදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා යහපාලන රජයේ අමාත්‍යවරුන් වාහන ගෙන්වීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මගින් එලෙස වාහන ගෙන්වීමට සම්බන්ධ නොවූ අමාත්‍යවරුන් හටද චෝදනා එල්ලවී ඇති බවද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.