වහා පාර්ලිමේන්තුව කැඳවන්න - කථානායකෙගෙන් ජනපතිට ලිපියක්
වහා පාර්ලිමේන්තුව කැඳවා රට තුළ ස්ථාවරත්වයක් ඇති කරන ලෙස කථානායක කරු ජයසූරිය මහතා ජනපති මෛත්රීපාල සිරිසේන මහතාට ලිපියක් මගින් දැනුම් දී තිබේ.
ඔහු සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 125ට වැඩි ප්රමාණයක් නියෝජනය කරමින් තම වරප්රසාද හා අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට පාර්ලිමේන්තුවේ බහුතරය ස්ථාපිත කරනු සඳහා වහා පියවර ගන්නා ලෙස තමන්ට ලිපි ලැබී ඇති බවත් කථානායකවරයා ජනපතිවරයාට යොමුකළ ලිපියේ දැක්වෙයි.
පාර්ලිමේන්තුව කොඳවුවහොත් ප්රජාතන්ත්රවාදි අයිතිය රැක ගැනීම සඳහා ජනතාව විකල්ප මාර්ග කෙරෙහි මහජනතාව යොමුවීම නොවැළැක්විය හැකි බවත් ඔහු සඳහන් කළේය.

-
hemantha Tuesday, 30 October 2018 01:20 PM
කතානායක තුමනි, ග්රාම සේවක කෙනෙකුට ජනාදිපති කම දුන්නම ඔහොම තමා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
