වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන ජලාශ 73න් මේ වනවිට ජලාශ 03ක ජලය පිටාර දමමින් තිබෙන බව එම දෙපාර්තමේන්තුවේ ජල පාලක අංශය සඳහන් කරයි.
එහෙත් පවතින වර්ෂා තත්ත්වය මත පොදුවේ ජලාශ 73ක ජල මට්ටම ඉහළ ගොස් තිබෙන්නේ 10%ක ප්රමාණයකින් බවද එම අංශය පෙන්වා දෙයි.
මේ අතර රාජාංගණ ජලාශය, දැදුරු ඔය ජලාශය, නාලන්දා ජලාශය මේ වන විට වාන් දමමින් තිබෙන බවද ජල පාලක අංශය වැඩිදුරටත් සඳහන් කරයි.