ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය ජනමත විචාරණයකට යොමු කරන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ශ්‍රේෂ්ඨාධිරණයට භාරදුන් පෙත්සම අද (12දා) දින විභාගයට ගැනීමට නියමිතය.
විසිවැනි සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 30.2 යන වගන්තිවලට පටහැනි බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තියේ විධිවිධානවලට අනුව මෙය ජනමත විචාරණයකට යොමු නොකර සම්මත කළ නොහැකි බවත්, SD 29 2018 අංකය යටතේ පසුගිය 07 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට භාර දී තිබුණු පෙත්සමෙන් පෙන්වා දී තිබිණි.
විසිවැනි සංශෝධනය හරහා ෆෙඩරල් ව්‍යවස්ථාවද සම්මත කර ගැනීමේ අනතුරක් තිබෙන බැවින් කාරක සභා අවස්ථාවේදී ඊට ෆෙඩරල් වගන්ති ඇතුළු කිරීමේ ඉඩකඩ තිබීමත්, ජනාධිපති ධුරය අහෝසි කර අනෙකුත් මැතිවරණ සීමා නිර්ණයට මුවාවෙමින් කල් දමා 2025 වනතුරු බලයේ සිටීම වත්මන් ආණ්ඩුවේ උපායමාර්ගය වී තිබීමත්, ඒකාබද්ධ විපක්ෂය ප්‍රතිපත්තියක් ලෙස ජනාධිපති ක්‍රමයට පක්ෂ වීමත් 20 වැනි සංශෝධනයට විරුද්ධ විමට හේතු වූ බව උදය ගම්මන්පිල මහතා පැවසීය.