2019/09/25
පවුල් 20817ක පුද්ගලයන් 80014ක් පීඩාවට
දිස්ත්‍රික්ක අටකට ඇතිවී තබෙන තද වැසි හා තද සුළං තත්ත්වය නිසා පවුල් 20817කට අයත් පුද්ගලයන් 80014ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අයහපත් කාලගුණ තත්ත්වය නිසා ගාල්ල, මාතර, රත්නපුර, කොළඹ, කලුතර, ගම්පහ දිස්ත්‍රික්කවල පවුල් 3696කට අයත් පුද්ගලයන් 14899ක් ආරක්ෂිත කඳවුරු 16ක රඳවා සිටිති.
නිවාස 30කට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 821කට අර්ධ හානි සිදුව තිබේ.
පුද්ගල මරණ එකක් හා පුද්ගලයන් 6ක් තුවාල ලබා තිබේ.
උපරිම වර්ෂාපතනය ගාල්ල හියාරේට
අද (25දා) පෙ.ව. 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මිලි මීටර් 110 ක් ලෙස ගාල්ල හියාරේ ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගාල්ල මාතර පාසල් 26 දා 27 දාත් වසයි
අයහපත් කාලගුණය හේතුවෙන් දකුණු පළාතේ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට (26දා) හා අනිද්දා (27දා) වසා දමන බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කරයි.
එම පාසල්වලට ඊයේ (24දා) හා අද (25දා) දිනයේදීත් නිවාඩු ලබා දී තිබේ.
වැස්ස හෙට අඩුවී 28 දා යළිත් වැඩිවෙයි
දැනට තද වැසි අතිව තිබෙන ප්‍රදේශවල වැසි තත්ත්වය හෙට (26දා) දිනයේ අඩුවී යන බවත් එහෙත් 28 වැනිදා සිට සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිරිත දිග මෝසම් තත්ත්වය 28 දා අවසන් වී අන්තර් මෝසම් ආරම්භවීමත් සමග සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බද කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා පැවැසීය.
එමෙන්ම බස්නාහිර, දකුණ හා සබරගමුව පළාත්වල අද (25දා) දිනයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200ක් තරම් තද වැසි ඇතිවිය හැකි බවද ඔහු පවසා සිටියේය.
පවුල් 20805ක පුද්ගලයන් 79959ක් පීඩාවට
දිස්ත්‍රික්ක අටකට ඇතිවී තබෙන තද වැසි හා තද සුළං තත්ත්වය නිසා පවුල් 20805කට අයත් පුද්ගලයන් 79959ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අයහපත් කාලගුණ තත්ත්වය නිසා ගාල්ල, මාතර, රත්නපුර, කොළඹ, කලුතර, ගම්පහ දිස්ත්‍රික්කවල පවුල් 878කට අයත් පුද්ගලයන් 3488ක් ආරක්ෂිත කඳවුරු 16ක රඳවා සිටිති.
නිවාස 22කට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 282කට අර්ධ හානි සිදුව තිබේ.
පුද්ගල මරණ එකක් හා පුද්ගලයන් 6ක් තුවාල ලබා තිබේ
2019/09/24
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 1387කට අයත් පුද්ගලයන් 45091ක් පීඩාවට පත්ව තිබේ.
පොලීසියෙන් නිවේදනයක්
ගංඟා ජල මට්ටම් ඉහළට
දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කලු, ගිං, නිල්වලා හා අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පහත් බිම්වල සිටින ජනතාවට අවධානයෙන් පසුවන්නැයිද එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පවුල් 11387ක පුද්ගලයන් 45091ක් පීඩාවට
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පුලල් 11387කට අයත් පුද්ගලයන් 45091ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධයස්ථානය පවසයි.
අයහපත් කාලගුණය හේතුවෙන් එක් මරණයක් වාර්තා වී ඇති අතර පුද්ගලයන් 6ක් තුවාල ලබා තිබේ.
ගාල්ල, මාතර, ගම්පහ, කලුතර හා කොළඹ යන දිස්ත්‍රික්කවලට අයත් ජනතාව මෙසේ පීඩාවට පක්ව ඇත.
පූර්ණ නිවාස හානි 22ක් හා අර්ධ නිවාස හානි 282ක් වාර්තා වී තිබේ.
එසේම පවුල් 878කට අයත් පුද්ගලයන් 3488ක් ආරක්ෂිත කඳවුරුවල රඳවා තිබේ.
දඬුවන නාය යෑමකින් දැරිවියක් තුවාල ලබයි
අඟුළුගහ දඬුවන ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් නායයෑහ හේතුවෙන් තුවාල ලැබූ අට හැවිරිදි කුඩා දැරියක් ඊයේ (23දා) පස්වරුවේ බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ තුවාල ලබා ඇත්තේ අඟුළුගහ ඳඬුවන පදිංචි ෂෙහාරා ඉඳුවරී නැමති අට හැවිරිදි දැරියකි.
මෙම දැරිය තම පියා සහෝදරයින් දෙදෙනාද සමග මෙම සිද්ධිවන අවස්ථාවේ නිවසේ සිට ඇති අතර එකවරම ඇතිවූ පස් කන්ද නාය යෑම නිසා දැරිය නිවසේ කාමරයක් තුළ සිරව ඇත. පසුව ප්‍රදේශවාසීන් එක්ව නිවසේ බිත්තියක් කඩා දැරිය පිටතට ගෙන රෝහල් ගත කර තිබේ. තුවාල ලැබූ දැරිය ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
ජිනේෂ් නානායක්කාර
විපතට පත් පිරිසට කඩිනම් සහන දෙන්න - ජනපති
වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි.
එම සහන කටයුතු සඳහා ති‍්‍රවිධ හමුදාවේ සහාය ලබා ගන්නා ලෙසත්, නාය යෑමේ අවදානම පවතින ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමේ කටයුතු ති‍්‍රවිධ හමුදාවේ සහාය ඇතිව කඩිනම් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ය.
එමෙන් ම පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන වැඩපිළිවෙළේ දී ප්‍රතිපාදන ගැටලුවක් කර නොගන්නා ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීම් සිදු කරන ලෙසත්, තමා මැදිහත් වී එම මුදල් ලබාදීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළේ ය.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සහ එමඟින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩපිිළිවෙළ පිළිබඳ අද (24දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ය.
ඉදිරි මාස 02ක කාලය තුළ අධික වැසි තත්ත්වය දිගින් දිගටම ඇතිවිය හැකි බව මෙහිදී සඳහන් කෙරුණු අතර, පූර්ව සූදානමක් ඇතිව එම තත්ත්වයන්ට මුහුණදීම සඳහා අදාළ අමාත්‍යාංශවල සහ සියලු අංශවල සම්බන්ධීකරණයෙන් සැලසුම් සහගතව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිරවයා පැහැදිලි කළේය.
එමෙන්ම එළැඹෙන ජනාධිපතිවරණයේ දී බාධාවකින් තොරව එම හදිසි ආපදා තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමේ සහ ජනතාවගේ සහන වැඩපිළිවෙළ විධිමත් කර ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පෙන්වි දී තිබේ.
කටුනායකට මිලි මීටර් 272.3ක වර්ෂාවක්
කටුනායක ගුවන් තොටුපළ සහ ඒ අවට ප්‍රදේශයට, අද (24දා) උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ මිලි මීටර් 272.3 ක වර්ෂාපතනයක් ලැබී ඇති බව ගුවන් තොටුපළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.
අධික වැසි සහිත කාලගුණික තත්වයක් පැවතිය ද , කටුනායක ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක ගුවන් ගමන් මෙහෙයුම් බාධාවකින් තොරව පවත්වා ගෙන යන බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
ගුවන් තොටුපළ අවට ප්‍රදේශය ඔස්සේ ගලා බසිනා දඩුගම් ඔය පිටාර ගැලීමෙන් ප්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වයක් ඇති වී තිබේ.
මේ නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත පිටත්වීම සඳහා පැමිණෙන ගුවන් මගීන් , තම ගුවන් යානය පිටත්වීමට පැය 03 කට පෙර ගුවන් තොටුපළ වෙත පැමිණීමට පියවර ගන්නා ලෙස ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරිවරයා ගුවන් මගීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
ටී.කේ.ජී. කපිල
අධික වැසි හේතුවෙන් කොළඹ අවහිර වූ මාර්ග
පවතින අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් කොළඹ නගරයේ ස්ථාන කිහිපයකම මාර්ග ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කොක්මදූව හා වැලිපැන්න ජලයෙන් යටවෙයි
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හා කොක්මාදුව පිවිසුම් ජලයෙන් යටවී තිබීම හේතුවෙන් විකල්ප පිවිසුම් මාර්ග භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මාර්ග සංවර්ධන අධිකාරිය මාතර දෙසින් පැමිණ මතුගම දෙසට ධාවනය කිරීමට බලාපොරොත්තුවන වාහන වැලිපැන්න පිවිසුම භාවිතා නොකර කුරුඳුගහහැතැප්ම හෝ දොඩම්ගොඩ පිවිසුම් භාවිතා කළ යුතු බවයි.
කොළඹ දෙස සිට පැමිණ මතුගම දෙසට යාමට වැලිපැන්න පිවිසුම භාවිතා කළ හැකි වුවත් අලුත්ගම දෙසට ධාවනය වන වාහන දොඩම්ගොඩ පිවිසුම භාවිත කළ යුතු බව ද මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
අධිවේගයේ 60ට යන්න
පවතින අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන් තම වාහනය පාලනය කර ගත හැකි අයුරින් පැයට කිලෝමීටර් 60ක පමණ වේගයකින් අධිවේගී මාර්ගයේ ගමන් කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
එසේම අධිවේගී මාර්ගයේ ගමන් කරන විට ප්‍රධාන ලාම්පු දල්වාගෙන සිය වාහනය ධාවනය කරන ලෙසත් එම අධිකාරිය සඳහන් කරයි.
ත්‍රිවිධ හමුදාව හා පොලීසිය සීරුවෙන් - ආපදාවක් නම් 117 අමතන්න
ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් නිල්වලා සහ ගිං ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්වයක් වාර්තා වී ඇති බවත් ඉදිරියේ දී තවදුරටත් වර්ෂාව ඇතිවුවහොත් පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා පැවසීය.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක ඇතුලු ආපදා අවදානම් සහිත දිස්ත්‍රික්ක සඳහා මේ වන විටත් සහන සේවා කණ්ඩායම් ස්ථාන ගත කර ඇති බවත්, සෙවීම් සහ මුදවා ගැනීම් සදහා ත්‍රිවිධ හමුදා භට කණ්ඩායම් සහ පොලිස් කණ්ඩායම් ස්ථානගත කර ඇති බවත් ඒ මහතා පැවැසීය.
එසේම අවශ්‍ය උපකරණ ඒ ඒ ස්ථාන කරා යොමු කර ඇති බවත් ආපදා තත්ත්වය පිළිබදව නිරංතරයෙන් මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන බවත් ඔහු පැවැසීය.
එසේම ඇතිවිය හැති ආපදා පිළිබදව යම් විමසීමක් සිදු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි දුරකථන අංක 117 අමතන ලෙසත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (24දා) අලුයම නිකුත් කළ රතු නිවේදනයකින් සඳහන් කළේ බස්නාහිර, දකුණු, සබරගමුව හා මධ්‍යම පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි.
එසේම වයඹ, උතුර, ඌව හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
ගංඟා ජල මට්ටම් වාර්තාව
නාය යෑමේ අවධානම් නිකුත් කරයි
ගාල්ල, මාතර, කලුතර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්රික්කවෙත නාය යෑමේ පූර්ව අවධානම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.