තදවැසි ඇති වනවිට අධිවේගී මාර්ගවල වාහන ධාවනය කිරීමේ වේගය පැයට කිලෝමීටර් 60 ක සීමාවක පවත්වා ගන්නා ලෙස අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් ඒකකය සඳහන් කරයි.
අධිවේගී මාර්ගවල උපරිම වේග සීමාව පැයට කිලෝමීටර් 100 ක් ලෙසට ප්රකාශයට පත්වී තිබුණද එම වේගය වියළි කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන ප්රකාශය කර තිබෙන බව එම ඒකකයේ අධ්යක්ෂක එස්. ඕපනායක මහතා සඳහන් කළේය.
තදවැසි ඇති වනවිට අධික වේගයෙන් වාහන ධාවනය කිරීමේදී අනතුරු සිදුවන බවත් මේ නිසා පැයට කිලෝමීටර් 60 ක වේගයෙන් වාහන ධාවනය කරන ලෙසට ඉල්ලා සිටින බවද පවසා සිටියේය.