විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් ද්විත්ව පුරවැසි වගන්තියට එකඟ නොවන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැන්වීමට අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, විජයදාස රාජපක්ෂ, වීරසුමන වීරසිංහ යන අය කටයුතු කර තිබේ.
ජනපති ගොඨාභය රාජපක්ෂ මහතා හා මෙම අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඊයේ පැවැති සාකච්ඡාවකදී මේ බව දැනුම් දුන් බව මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
එසේම ලබන වසරේ නොවැම්බර් මාසය වන විට නව ව්‍යවස්ථාවක් සකස් කර අවසන් කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දුන් බවද තිස්ස විතාරණ මහතා මෙහිදී පැවැසීය.
එසේම මෙහිදී අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ ඊයේ පැවැති සාකච්ඡාවේදී නව ව්‍යවස්ථාවේදී ද්විත්ව පුරවැසිභාවය වගන්තිය ඉවත් කරන බවත් විස්ස තුළ එය පවතින බවත් ජනපතිවරයා සඳහන් කළ බවයි.
ඒ අනුව එකඟ වූ සංශෝධන වලට යටත්ව විස්සට පක්ෂව ඡන්දය ලබාදිමට එකඟ වූ බව වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.