විසි වැනි සංශෝධනය ගෙන එන්නේ රටඅරාජික කළ ජනතාවට එපා වූ 19 වැනි සංශෝධනය ඉවත් කිරීමට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද 2020.10.21 දින පාර්ලිමේන්තුවේදී පැවැසීය.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මේ බව අවධාරණය කළේය.
පාර්ලිමේන්තුවට ලැබූ ජනවරම තුළ ජනාධිපති ශක්තිමත් කිරීමේ ප්‍රාර්ථනාව තිබෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා, ඒ නිසා ජාතික ආරක්ෂාව තහවුරු කරන 20 වැනි සංශෝධනය ගෙනවිත් රට අරාජික කරන 19 වැනි සංශෝධනය පරාජය කරන බව පෙන්වා දුන්නේය.
20 වැනි සංශෝධනය ගෙනඑමින් රජය සූදානම්වන්නේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවදුරටත් පවත්වාගෙන යාමට නොවන බව කී අග්‍රාමාත්‍යතුමා චිරාත් කාලයක් මුළුල්ලේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණ ජාතිය ගොඩනගන නව ව්‍යවස්ථාවක් ඉක්මනින්ගෙන එන බවට විශ්වාසය පළ කළේය.