වසර හතරහමාරයක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැර නොහැකි බවට වන ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මනත්‍රි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇති නීතිමය හැකියාව පිළිබඳව අද කළ විමසුමකදී ඔහු මේ බව සඳහන් කළේය.
"19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇති කිරීමට ප්‍රථම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිවරයාට අසීමිත බලයක් තිබුණා.පාර්ලිමේන්තුවේ ධුර කාලය ගැන දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පැහැදිලි වගන්තියක් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 62 ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුවේ ධුරකාලයඋපරිම වසර 05යි කියලා තිබෙනවා.
ඒවගෙම 70 වැනි වගන්තියේ බොහෝම පැහැදිලිව තිබෙනවාතුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් මන්ත්‍රීවරුන් ඉල්ලුවේ නැතිනම් වසර හතරහමාරක් යනතුරුපාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ කියලා. දැන් සමහරු 33 වැනි ව්‍යවස්ථාවේ ජනාධිපතිගේ බලතල දිහා බලලා කියනවා ඔහුට පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් කියලා.
33 ව්‍යවස්ථාවේ ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න බලතල තිබෙන නිසා 70 වැනි වගන්තිය බලපාන්නේ නැහැ කියලා ඇතැමුන් කියන්න පටන්ගෙන තිබෙනවා. මේ විදිහට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව අර්ථ නිරූපණය කරන්න ගියොත් මහා විහිළුවක් වෙනවා. මොකද 32 ව්‍යවස්ථාවේ තිබෙන්නේ පාර්ලිමේන්තුව කැඳවීමට, කල්දැමීමට සහ විසුරුවාහැරීමට බලය තිබෙන්නේ කාටද කියා පැහැදිලි කිරීමේ කාරණය පමණයි.
නමුත් ඒවා කරන ආකාරය ගැන මොන තත්ත්වයෙන්ද කරන්නෙ සහ සීමාවන් මොනවාද කියන කාරණය සඳහන් වෙන්නේ 70 වැනි ව්‍යස්ථාවේ. මේනිසා කිසිම සැකයක් තිබෙන්න බැහැ. වසර හතරහමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ කියලා පැහැදිලි ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ තිබෙනවා.
ඒවගේම මේ වගන්ති වෙන වෙනම කියවලා බැහැ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කලින් තිබුණු වගන්ති සමග සම්බන්ධ කරමිනුයි මෙය කියවන්න වෙන්නේ. ඊට කලින් තිබුණේ පාර්ලිමේන්තුවේ කාලය වසරකින් පසුව ඕනෑම අවස්ථාවක විසුරුවාහරින්න පුළුවන් කියලා.19 වැනි සංශෝධනයේ අරමුණ වුණේ පාර්ලිමේන්තුව ශක්තිමත් කරලා ජනාධිපතිගේ බලතල අඩුකිරීම.
ඒ වෙන අරුතක් දෙන්න ඕන. එහෙම නැතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන හිතුමතේ අර්ථ නිරූපණය කරන්න බැහැනේ. පාර්ලිමේන්තුව විසුරුවන්න බලය තිබෙන්නේ ජනාධිපතියට එපමණයි කියලා ඒ වගන්තියේ කියවෙන්නේ. නමුත් කාලසීමාවන් කියැවෙන්නේ වෙනත් තැන්වල. ඒ වෙනත් තැන්වල තිබෙන වගන්ති යටපත් කරලා අත්තනෝමතිකව කටයුතු කරන්න බැහැ.".