වසර පහක කාලයක් අඛණ්ඩව වාර්ෂික ආදායම් බලපත්‍ර ලබා නොගත් වාහනවල ලියාපදිංචිය අවලංගු කිරීමේ මූලික කටයුතු ආරම්භ කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා සදහන් කළේය.
වාර්ෂික ආදායම් බලපත්‍ර වසර 05ක් ලබාගෙන නොමැති වාහන පිළිබඳ සංඛ්‍යා ලේඛන පළාත් සභා ලේකම්වරුන්ගෙන් මේ වන විට ලැබෙමින් තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
මෙලෙස ලැබෙන ලැයිස්තුවල සඳහන් වාහන හිමියන්ට වසර 05ක් අඛණ්ඩ ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති බව සඳහන් කර ලිපියක් යවන බවත්, වාහනය අවලංගු කිරීමට සිදු වන බැවින් ඔහුගේ අදහස ලබා ගැනීම වෙනුවෙන් මෙම ලිපිය නිකුත් කරන බවත් ඒ මහතා සඳහන් කළේය.