ඇමෙරිකා එක්සත් ජනපදයේ මිසූරි ප්‍රාන්තයේ, ශාන්ත ලුවී සත්වෝද්‍යානයේ සිටි වයස අවුරුදු 62ක පිඹුරෙකු (බෝල් පයිතන් / රෝයල් පයිතන්) බිත්තර 7ක් දමා ඇති අතර, පුදුමයට කරුණ නම් මෙම සත්වයා වසර 15කින් පිරිමි සතෙකු දැක නොතිබීම බව සත්වෝද්‍යාන බලධාරීහු පවසති.
වර්ෂ 1961 සිට සත්වෝද්‍යානයේ ජීවත් වන එහි පැරණිතම සාමාජිකාවක මෙසේ බිත්තර සමග සිටිනු දැකීමෙන් සත්වෝද්යාල බලධාරීන් විශ්මයට පත්වූ බව එහි සත්ව විද්‍යා කළමනාකාරුවෙකු වූ මාර්ක් වැනර් පවසයි.
"එය පුදුමයක්. ඇය තවත් වරක් බිත්තරයක් අතහරිනු ඇතැයි කියා අප අවංකවම අපේක්ෂා කළේ නැහැ" ඔහු පැවසීය. සර්පයාගේ යම් යම් වෙනස්කම් කලින් දැක තිබුණත්, ඇය බිත්තර දමනු ඇතැයි කියා ඔවුන් අපේක්ෂා කර නැත.
මෙම පිඹුරාට නමක් නැති අතර, සත්වෝද්‍යානයට අනුව අංක 361003 මගින් ඇය හඳුනා ගැනේ. ඇය අවම වශයෙන් අවුරුදු 62ක් වත් වයස යැයි විශ්වාස කෙරෙයි.
බෝල් පයිතන් ලෙස හැඳින්වෙන මෙම පිඹුරන් මධ්‍යම හා බටහිර අප්‍රිකාවට ආවේණික විෂ රහිත සර්පයෙකි. එමෙන්ම අලිංගිකව ප්‍රජනනය කළ හැකි සත්ව විශේෂයක් වන අතර, කොමෝඩෝ ඩ්‍රැගන් සහ තවත් සර්පයන් සහ උරගයින්ද මෙලෙස අලිංගිකව ප්‍රජනනය කරයි.
නමුත් ප්‍රමාද වූ සංසේචනය සඳහා ගැහැණු සත්වයෙකුට ශුක්‍රාණු ගබඩා කළ හැකි නමුත්, එය සිදුවී ඇති බව සොයාගත් දීර්ඝතම අවස්ථාව පිරිමි සතෙකු සමග සම්බන්ධ වී වසර 7කට පසුව බව වැනර් පවසයි.
මෙම පිඹුරා 2009 දී බිත්තර පොකුරක් තබා තිබුණු නමුත්, එම බිත්තරවලින් පැටවුන් බිහි නොවීය. එවරද ඇය සමීපයේ පිරිමි සත්වයෙකු වසර කිහිපයකින් නොසිටි බව වැනර් සඳහන් කරයි. අවසන් වරට 1980 ගණන්වල අගභාගයේ සහ 1990 දශකයේ මුල් භාගයේදී ඇය සමීපයේ පිරිමි සත්වයෙකු සිට ඇති බව කියවෙන්නේ යැයි ඔහු පෙන්වා දෙයි.
"අපි අවුරුදු 15ක් ප්ලස් කියනවා, නමුත් මා කියන්නෙ, ඇය පිරිමි සත්වයෙකු සමග සමීප සබඳතාවක් වසර 30කින් මෙහා පවත්වා නැති බව අප විශ්වාස කරනවා" වැනර් වැඩිදුරටත් සඳහන් කරයි.