කොවිඩ්-19 ආසාදිත බවට පසුගිය 24 දින හඳුනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා දින 4 ට පසු තෙල්දෙනිය නිරෝධායන මධ්‍යස්ථනායට ප්‍රතිකාර සදහා යොමු කර ඇත.
වසන්ත යාපා බණ්ඩාර මහතා පවසා සිටියේ ඊයේ දිනයේ පවුලේ හා කාර්ය මණ්ඩලයේ පිසිආර් පරික්ෂණ ප්‍රථපල ලබුණු බවත් එහිදි කිසිවෙකුට කෝවිඩ් ආසාදනය වි නොමැති බව සෞඛ්‍ය අංශ පවසා තමන්ට වෙනම නිවසක දින 4ක් පමණ නිරෝධායනය වන ලෙස දැනුවුවත් අද දිනයේ තමාව තෙල්දෙණිය නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන ගිය බව වසන්ත යාපා බණ්ඩාර මහතා කල විමසිමකදි පැවැසිය.
වසන්ත යාපා බණ්ඩාර මහතාට කෝවිඩ් 19 ආසාදනය වි ඇති බව පසුගිය 24 වනදා තහවුරු විමත් සමග පසුගිය 26 වෙනිදා පවුලේ සාමාජිකයින් හා කාර්ය මණ්ඩලයේ නිලධාරින් 30 දෙනෙකුගේ පි සි ආර් පරික්ෂණ සිදුකර ඇති අතර එම ප්‍රථිඵල අද දිනයේ ලැබුණු බවත් එහිදි කිසිවෙකුට කොරෝනා 19 ආසාදනය වි නොතිබුණු බව සනාථ වු බවද වසන්ත යාපා බණ්ඩාර මහතා පැවැසිය.
නිදිවර්ජිතව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් හා වෛද්‍යවරු ඇතුලු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන් කොරෝනා වෙනුවෙන් වෙන කැපවිම අගය කල යුතු බවත් ඔවුන් සම්බන්ධව පාර්ලිමේන්තුවේදි හඩක් නගන බවද වසන්ත යාපා බණ්ඩාර මහතා පැවැසිය.