හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර ඇති නඩු කටයුතු බලරහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමක් මැයි මස 17දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.
මහාධිකරණයේ පවතින නඩු කටයුතු තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය මීට පෙර අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.
2008 සහ 2009 යන වසරවලදි කොළඹ හා ඒ අවට ප්රදේශවල පුද්ගලයන් 11 කු පැහැර ගෙන ඝාතනය කිරීමට කුමන්ත්රණය කිරීමේ චෝදනාවට කරන්නාගොඩ ඇතුළු 14 දෙනෙකුට එරෙහිව කොළඹ ත්රිපුද්ගල මහාධිකරනයේ නීතිපතිවරයා විසින් නඩු පවරා තිබේ.