නිසි අවසරයකින් තොරව විසිතුරු මසුන් තොගයක් සිංගප්පූරුවේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(20) දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොහු ගාල්ල , අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඔහු අද දින අලුයම 2.00 ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් ගෙන ආ ගමන් මලු වල මෙම විසිතුරු මසුන් 1022 ක් සගවා ගෙන තිබූ අතර , ඔවුන්ගේ වටිනාකම රුපියල් 6,11,133 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය .
මෙම මසුන් මෙරටට රැගෙන ඒම සඳහා අවශ්‍ය ධීවර අමාත්‍යාංශයේ , ජලජීවී දෙපාර්තමේන්තුවේ සහ සත්ව නීරෝධනායතනයේ අවසරය මෙම ව්‍යාපාරිකයා සතු නොවූ බැවින් , ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ මෙම අත්අඩංගුවට ගැනීම රේගු නිලධාරීන් විසින් සිදු කර තිබුණි .
පසුව මෙම මසුන් වහාම කටුනායක ගුවන් තොටුපළ පිහිටි සත්ව නීරෝධනායතනයේ නිලධාරීන් වෙත භාර දී ඇති අතර , ඔවුන් මෙම මසුන් තොගය යළි සිංගප්පූරුව බලා ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගෙන තිබේ .