නව කොරෝනා වසංගතයේදී චීනය විවෘත හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කළ බව චීන ජනාධිපති ෂී ජින්පිං පවසා සිටියි.
චීනයේ බීජිං නුවර පැවති උත්සව සභාවක් අමතමින් චීන නායකයා මෙම අදහස් පළ කළේ, චීනය වෛරසය පිළිබඳ තොරතුරු වසන් කළ බවට ඇමෙරිකාව ප්රමුඛව ඇතැම් පාර්ශ්ව විසින් චෝදනා කර පසුබිමකය.
එසේම රෝගයෙන් පීඩා විඳි අනෙකුත් ජාතීන්ට උපකාර කිරීම සඳහා චීනය දැඩි උත්සාහයක් ගෙන ඇති බවද ඔහු අවධාරණය කළේය.