නව කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍ය සේවාවලට සිදුවන බාධාවන් නිසා ළමා මරණ අවම කිරීමේ දශක ගණනාවක ප්‍රගතිය ආපසු හැරවිය හැකි අතර, ලොව පුරා දරුවන් මිලියන ගණනකගේ ජීවිත අවදානමට ලක් කළ හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.
යුනිසෙෆ්, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක බැංකු සමූහය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව මරණ ඇස්තමේන්තුවලින් පෙන්නුම් කරන්නේ වයස අවුරුදු පහට අඩු පුද්ගලයින්ගේ මරණ 2019 දී මෙතෙක් වාර්තා වූ අවම මට්ටමට වැටී ඇති බවය.
එහිදී වළක්වා ගත හැකි රෝගාබාධ හේතුවෙන් පසුගිය වසරේ ළමයින් මිලියන 5.2ක් පමණ මිය ගිය අතර, එය 1990 දී මිලියන 12.5ක් විය.
එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ නව කොරෝනා වසංගතයෙන් ළමයින්ගේ හා මාතෘ සෞඛ්‍ය සේවාවන් කඩාකප්පල් වන බැවින් ලබා ඇති ප්‍රගතිය අහෝසි වී යා හැකි බවය.